මේවන විට විටමින් E කරල් මිළදී ගෙන භාවිතය Trend එකක් බවට පත් වී තිබෙනවා. නමුත් බොහෝ දෙනා මෙලෙස විටමින් E ලබා ගන්නේ නිසි අවබෝධයකින් තොරව බව පෙනී යනවා. විටමින් E වලට ඔබේ ශරීරයේ සෛල වියපත් වීම පමා කිරීමට මෙන්ම හිසකෙස් නීරෝගීව තබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් ඔබ හිතු මතේට විටමින් E කරල් භාවිතය ශරීරයට හානිකර තත්ව ඇති කල හැකි බවත් මතක තබා ගන්න. විශේෂයෙන්ම ඔබ warfarin, aspirin, or clopidogrel. වැනි ඖෂධ භාවිතා කරන ගමන් විටමින් E භාවිතා කිරීමෙන් රුධිර ගැලීමේ අවධානම ඉහළයනු ඇත. කෙසේ වෙතත් විටමින් E ස්වභාවිකවම ඔබට සපයා ගත හැකි හොඳ ආහාරයක් තමා නිවිතිය කියන්නේ. ඉතින් නිවිතිය ඔබේ ගෙවත්තේ පහසුවෙන්ම රෝපණය කරගැනීමට හැකි නිසා සතයක්වත් වියදම් නොකර දෛනික විටමින් E අව්ශ්‍යතාව සපුරා ගැනීමට එය උපකාරී වෙනුඇත. මීට අමතරව අලිගැටපේර, අඹ, තක්කාලි, , ආමන්ඩ්, රට කජු ආදියෙත් විටමින් E අන්තර්ගතව ඇත. ඉතින් අතේ මුදලත් ඉතුරු කරගෙන ස්වභාවිකවම විටමින් E ලබාගන්න ඔබේ ගෙවත්තෙන්ම වැඩ අරඹන්න.
blogger
Popular Posts
-
කොස් ඇට කියන්නේ අපේ රටේ ආහාර වේලට ඉතාම සමීප, පෝෂ්‍යදායී ආහාරයක්. බැදලා, තම්බලා, ව්‍යාංජනයක් විදිහට කොස් ඇට කන්න අපි හැමෝම කැමතියි. හැබැයි,...
-
පොල් සම්බෝල කියන්නේ අපේ කෑම මේසයට අනිවාර්යයෙන්ම එකතු වන, රසයෙන් හා සුවඳින් අනූන ආහාරයක්. හැබැයි මේ පොල් සම්බෝල ඇත්තටම අපේ සෞඛ්‍යයට ගුණදායක...
-
ඔබට ආහාර රුචිය අඩුද? සමහර වෙලාවට අපිට කෑම කන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ප්‍රමාණවත් පෝෂණයක් ලබාගැනීම අපේ ශරීරයේ නිරෝගී ක්‍රියාකා...
-
ඔබේ ශක්තිය සහ ප්‍රාණවත් බව වැඩි දියුණු කරගන්න! අද සමාජයේ බොහෝ පිරිමින්ට තමන්ගේ ශාරීරික හා මානසික ශක්තිය මෙන්ම ලිංගික ශක්තිය (විශේෂයෙන් ලිංග...
Empowering wellness seekers with expert insights. Discover tips for holistic health, fitness, nutrition, and mindfulness. Your journey starts here
Articles
© all rights reserved - 2025
made with by Nutripazo
