මේවන විට විටමින් E කරල් මිළදී ගෙන භාවිතය Trend එකක් බවට පත් වී තිබෙනවා. නමුත් බොහෝ දෙනා මෙලෙස විටමින් E ලබා ගන්නේ නිසි අවබෝධයකින් තොරව බව පෙනී යනවා. විටමින් E වලට ඔබේ ශරීරයේ සෛල වියපත් වීම පමා කිරීමට මෙන්ම හිසකෙස් නීරෝගීව තබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් ඔබ හිතු මතේට විටමින් E කරල් භාවිතය ශරීරයට හානිකර තත්ව ඇති කල හැකි බවත් මතක තබා ගන්න. විශේෂයෙන්ම ඔබ warfarin, aspirin, or clopidogrel. වැනි ඖෂධ භාවිතා කරන ගමන් විටමින් E භාවිතා කිරීමෙන් රුධිර ගැලීමේ අවධානම ඉහළයනු ඇත. කෙසේ වෙතත් විටමින් E ස්වභාවිකවම ඔබට සපයා ගත හැකි හොඳ ආහාරයක් තමා නිවිතිය කියන්නේ. ඉතින් නිවිතිය ඔබේ ගෙවත්තේ පහසුවෙන්ම රෝපණය කරගැනීමට හැකි නිසා සතයක්වත් වියදම් නොකර දෛනික විටමින් E අව්ශ්‍යතාව සපුරා ගැනීමට එය උපකාරී වෙනුඇත. මීට අමතරව අලිගැටපේර, අඹ, තක්කාලි, , ආමන්ඩ්, රට කජු ආදියෙත් විටමින් E අන්තර්ගතව ඇත. ඉතින් අතේ මුදලත් ඉතුරු කරගෙන ස්වභාවිකවම විටමින් E ලබාගන්න ඔබේ ගෙවත්තෙන්ම වැඩ අරඹන්න.
blogger
Popular Posts
-
චොකලට් නම මතක් වෙනකොටත් කටට කෙල උනනවා නේද? අපි කවුරුත් ලොකු කුඩා භේදයකින් තොරව චොකලට් වලට පෙරේතයි. හැබැයි ඔබ ඔය රස කර කර කන්නේ ඇත්තම චොකලට...
-
ඉතින් අපේ රටේ බොහෝ දෙනාගේ ජාතික පානය තේ ( Camellia sinensis ) බව නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් තේ විතරක් නෙවෙයි මේ ලෝකයේ තියන එකම ප...
-
මේ දවස්වල එක දිගට තරුණ සියදිවි නසා ගැනීම් කීපයක්ම අසන්නට ලැබුනු නිසා මනෝවිද්‍යාව හදාරපු කෙනෙක් වශයෙන් යමක් පැවසිය යුතුම බව සිතුනා. මුලින...
-
ඔබ දන්නවාද ලොව පිළිකා අතර තුන්වන ස්ථානය උසුළන්නේ මහා අන්ත්‍ර හා ගුදමාර්ග පිළිකා බව. මෙය ලෝකයේ විතරක් නෙවේ ලංකාවේද පුද්ගලයින්ට වැළදෙන පිළිකා ...
Empowering wellness seekers with expert insights. Discover tips for holistic health, fitness, nutrition, and mindfulness. Your journey starts here
Articles
© all rights reserved - 2025
made with by Nutripazo
