ඉතින් අපේ රටේ බොහෝ දෙනාගේ ජාතික පානය තේ ( Camellia sinensis ) බව නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් තේ විතරක් නෙවෙයි මේ ලෝකයේ තියන එකම පානය. ඉතින් අපගේ ඇඟට ගුණදායි ස්වභාවික පානයන් බොහොමයක් තව තියෙනෙවා.හැමදාම බොන තේක වෙනුවට අලුත් පෝෂක ශරීරයට ලබා ගන්න පුළුවන් වදමල් පානයකුත් නිවසේම හදාගෙන රසබලන්න අමතක කරන්න එපා.
බිව්වට විතරක් මදිනේ මේකේ පෝෂක ගුණගැනත් දැනුවත් වීම වටිනවා. 📌ප්‍රධාන වශයෙන් වදමල් වල beta-carotene, vitamin C and anthocyanin වැනි Anti oxidants එසේත් නැතිනම් ප්‍රති-ඔක්සිකාරක අඩංගු වෙනවා. මේවා මඟින් ඔබගේ ප්‍රශක්තීකරණ පද්ධතිය ශක්තිමත්කර ලෙඩ රෝග වලින් ඔබව ආරක්ෂා කරනු ලබනවා 📌මීට අමතරව වදමල් වලට රුධිර පීඩනය අඩු කිරීමට වගේම රුධිරයේ කොලෙස්ටරෝල් පහළ හෙලීමේ හැකියාව ඇතිබව සායනිකව තහවුරුවී තිබෙනවා එබැවින් මෙම පානය මඟින් හෘදයාබාධ සෑදීමේ අවධානම අවම කරනවා. 📌තවද දේහ බර අඩුකරලීමේ හැකියාවත් වදමල් වලට තිබෙනවා ඉතින් ලස්සන ළමයෝ ලස්සන වෙන්න නීරෝගී වෙන්න ලොකු ලොකු මුදල් ලොකු ලොකු කොම්පැණි වලට පුදකරන වෙලාවේ කිසිම මුදලක් වියදම් නොකර ස්වභාදහමෙන් අපට මේ ලැබිලා තියෙන දායාද ආදරෙන් වැළද ගන්න හිතට ගන්න ඔන්න ඉතින් ආයේ වෙන කාටවත් වද නොදී වදමල් පානයක් අදම රසබලන්නත් අමතක කරන්න එපා. ✍️මධුශාන් ඇතුගල
blogger
Popular Posts
-
පොල් සම්බෝල කියන්නේ අපේ කෑම මේසයට අනිවාර්යයෙන්ම එකතු වන, රසයෙන් හා සුවඳින් අනූන ආහාරයක්. හැබැයි මේ පොල් සම්බෝල ඇත්තටම අපේ සෞඛ්‍යයට ගුණදායක...
-
චොකලට් නම මතක් වෙනකොටත් කටට කෙල උනනවා නේද? අපි කවුරුත් ලොකු කුඩා භේදයකින් තොරව චොකලට් වලට පෙරේතයි. හැබැයි ඔබ ඔය රස කර කර කන්නේ ඇත්තම චොකලට...
-
මේ දවස්වල එක දිගට තරුණ සියදිවි නසා ගැනීම් කීපයක්ම අසන්නට ලැබුනු නිසා මනෝවිද්‍යාව හදාරපු කෙනෙක් වශයෙන් යමක් පැවසිය යුතුම බව සිතුනා. මුලින...
-
ඔබ දන්නවාද ලොව පිළිකා අතර තුන්වන ස්ථානය උසුළන්නේ මහා අන්ත්‍ර හා ගුදමාර්ග පිළිකා බව. මෙය ලෝකයේ විතරක් නෙවේ ලංකාවේද පුද්ගලයින්ට වැළදෙන පිළිකා ...
Empowering wellness seekers with expert insights. Discover tips for holistic health, fitness, nutrition, and mindfulness. Your journey starts here
Articles
© all rights reserved - 2025
made with by Nutripazo
